ඖෂධ වංචාවේ මහ මොළකරුවන් කෙහෙළිය නොවෙන්නත් පුළුවන්…! – වෛද්‍ය චමල් සංජීව….

May 2, 2024 at 4:47 pm | by emanisa.lk

බාල ඖෂධ සැපයීම මගින් මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වංචා කිරීමේ මහ මොළකරුවන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන දේශපාලනඥයන් හෝ නිලධාරීන් හෝ නොවිය හැකි බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

එම අපරාධයේ මහ මොළකරුවන් දැනට නිදැල්ලේ පසුවන ඖෂධ සැපයුම්කරුවන් සහ නිලධාරීන් විය හැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පසුගිය සමයේ මෙරට ඖෂධ සැපයුම් පද්ධතියට විවිධ සමාගම් ව්‍යාජ නම්වලින් ඇතුළු වෙමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකතු වූ බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද හෙතෙම කීය.

එවැනි සමාගම් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග එකතු වී කටයුතු කරන්නට ඇතැයි බරපතළ සැකයක් ඇති බවයි, චමල් සංජිව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *