ඕනෑම මාතෘකාවක් යටතේ ඕනෑ ම අයකු සමග විවාද කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
කෙසේ වුව ද විවාද කිරීමෙන් පමණක් රටට පලක් නොමැති බවත් විවාද කරන අතර රටක් යමක් එකතු කිරීමට ද කටයුතු කළ යුතු බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
එහෙයින් විවාද කරනවා සේ ම තමන් සමග රටට වැඩ කිරීමට රට සංවර්ධනය කිරීමට ද තරඟෙට එන ලෙස සජිත් ප්‍රේමදාස අභියෝග කරයි.
සජබ ආර්ථික කවුන්සිලය සමග ජාජබ ආර්ථික කවුන්සිලයට විවාදයකට එන ලෙස ජවිපෙට යොමු කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ඊයේ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ සජිත් සමග විවාදයකට අනුර දිසානායක සූදානම් බවයි. සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ඊට පිළිතුරු දෙමිනි.