ඕනෑ ම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඉදිරියේ දී පවත්වන්නේ ජනාධිපතිවරණයක් නම් සිය පක්ෂය ඒ සඳහා ද සූදානම් බවයි, ඔහු අවධාරණය කළේ.
පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.