පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නෑ…! ජනපතිගෙන් බටහිර මාධ්‍යයට දැඩි ප්‍රකාශයක්..

October 3, 2023 at 9:55 am | by emanisa.lk

ජර්මන් ප්‍රවෘත්ති නාළිකාවක් වන DW news සමග පැවැති සාකච්ඡාවක් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිවේදකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ දැයි මාධ්‍යවේදියා නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසන්නේ ලංකාව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නොයන බවයි. බ්‍රිතාන්‍යය හෝ ජර්මනිය ජාත්‍යන්තර පරීක්ෂණ කළේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ඇමරිකානු FBI ඔත්තු සේවාව මෙම ප්‍රහාරය සඳහා වෙනත් පාර්ශ්වයක් සම්බන්ධ නැතැයි තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බටහිර මාධ්‍ය අනෙක් රටවල් දෙවන පන්තියේ ලා සලකන බවත් අනෙකා වැරදි යැයි සිතන බවත් එම පුරුද්දෙන් මිදිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *