ඔක්සිජන් මදියි… ICU මදියි… වෙන්ටිලේටර්ස් මදියි…! කොවිඩ් පරදන සටනට හැකි විදිහට දායක වෙන්න…! කොවිඩ් පාලන ඇමැතිනිය ජනතාවගෙන් ඉල්ලයි…

May 16, 2021 at 8:04 am | by emanisa.lk

රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාව වැඩිකර ගැනීමට ආධාර කරන්නැයි මෙරට දානපතියන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් පාලන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඉල්ලීමක් කරයි.

“අපේ රටේ අපේ දානපතියන්ගෙන් ඉල්ලනවා මේ වැඩපිළිවෙළට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියල. මොකද රෝහල් පද්ධතියට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්සිජන් සපයා ගන්න. ඒ වගේ ම ICU ධාරිතාව තව වැඩිකරද්දී වෙන්ටිලේටර්ස්වල අවශ්‍යතාව තියෙනවා. උපකරණවල අවශ්‍යතාව තියෙනවා.

එනිසා අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා දානපතීන්ට මේ අවස්ථාවෙ දි සෞඛ්‍ය අමාත්‍යාංශයට, විශේෂයෙන්ම තමන්ගෙ ප්‍රදේශවල ඒ රෝහල් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ ගන්න පුංචි හෝ ආධාරයක් කරලා ඒ සේවාව ශක්තිමත් කරගන්න අපට සහයෝගයක් දෙන්න කියලා.”

කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරිය මේ බව ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස