ආණ්ඩුවේ අරමුණ කොරෝනා පරාජය කිරීම නෙමෙයි…! පළාත් සභා ඡන්දෙත් තියලා බලය පොදි ගැහීම….! – සජිත්

December 20, 2020 at 8:22 am | by emanisa.lk

මාර්තු මස මෙරට කොරෝනා වසංගතය පැතිරුණු අවස්ථාවේ සිට රජය උනන්දු වූයේ මැතිවරණ පැවැත්වීම, 2/3 බලයක් ලබා ගැනීම සහ 20 සම්මත කර ගැනීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ වන විට ආණ්ඩුවේ ඉලක්කය වී ඇත්තේ දෙවන කොරෝනා රැල්ල පරාජය කරවීම නොව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කර තම බල පරාක්‍රමය ශක්තිමත් කර ගැනීම බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.

මේ අවස්ථාව මැතිවරණයකට සුදුසු වාතාවරණයක් දැයි රජය සිතා බැලිය යුතු බවත් තමන් සමගි ජනබලවේගය ලෙස ඕනෑ ම මැතිවරණයක් සඳහා සූදානම් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *