ඓතිහාසික ඩෝසන් බංගලාව විකුණන්න සූදානම්….!

May 22, 2024 at 2:32 pm | by emanisa.lk

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් සහිත ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බවට සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේ දී අද (22)හෙතෙම මේ බව පැවසීය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකරන විට කපිතාන් ඩෝසන් මහතා විසින් ඉදි කරන ලද එම බංගලාව දැනට මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතියි.

ඩෝසන් බංගලාව කෞතුකාගාරයක් සේ රැකගත යුතු ස්ථානයක් යැයි ද කබීර් හෂීම් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *