පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදරගේ තත්ත්වය පිළිබඳ විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28) රාත්‍රීයේ බොරැල්ල පොලීස් ස්ථානයට පැමිණියේය.
මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර ඊයේ පැවති විරෝධතාවක් අතර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාධ්‍ය නිදහසට හා භාෂණයේ නිදහසට බාධා කරමින් සිදු කරන මෙවැනි අත්තනෝමතික මර්දනය කිරීම් තමන් දැඩිව හෙළා දකින බවයි.
එසේම ශ්‍රී ලංකාව යනු ඒකාධිපති රටක් නොවන බව රජය සිහිතබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.
ඒ අනුව මාධ්‍ය නිදහස පිළිබඳ අංශු මාත්‍රයක හෝ ගෞරවයක් ඇත්නම් වහාම තරිඳු උඩුවරගෙදර නිදහස් කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස එහිදී පැවසීය.