එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය…! නීති බලාත්මක කරන්න ඇමැති සූදානම්…!

November 8, 2021 at 5:17 pm | by emanisa.lk

පොදු ස්ථානවලට පිවිසෙන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඇමැතිවරයා අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.

මේ අනුව තමා ඒ සඳහා කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මෙම තීරණයට විරුද්ධව යමකු අධිකරණයට ගියොත් ඊටද මුහුණ දීමට සූදානම් බව සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලෝකයේ රටවල් ගණනාවක් පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවත් එන්නත් ලබා ගැනීම පිළිබඳව පරිගණක ඇප් එකක් හඳුන්වාදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *