එන්නත්කරණ වාර්තා යළි අලුත් වෙයි…! ඊයේ 437, 878කට එන්නත්….!

July 27, 2021 at 11:10 am | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ (26) නැවත අලුත් විය.

ඊයේ ජනතාවට එන්නත් මාත්‍රා 437,878ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සයිනෝෆාම්, ෆයිසර් සහ මොර්ඩනා එන්නත් මෙලෙස ලබා දී තිබේ.

මේ දක්වා කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,311,127 දෙනෙකුටත් ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 173,584 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 114,075 දෙනෙකුටත්, මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව 696,003 දෙනෙකුටත්, සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව 7,427,542කුට ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *