කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 84,565ක් ලබා දී තිබේ.
එහි දී සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 72,887 දෙනෙකුට සහ ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 10,157 දෙනෙකුට ලබා දී තිබේ.
මීට අමතර ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 1,521 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර පුද්ගලයින් 347,310 දෙනෙකු සඳහා කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් මාත්‍රා දෙක ම ලබා දී ඇති බව සඳහන්ය.
ලංකාවේ දිනක් තුළ ලබා දුන් වැඩි ම එන්නත් ප්‍රමාණය මෙයයි.