96 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්රහණයේදී සිදුවූ සංවේදී සිදුවීමක් ගැන 96 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩක හෂාන් තිලකරත්න සිය මතකය අවදි කරමින් සඳහන් කළේය.
ඔහු එහිදී කියා සිටියේ එදා සිය ක්‍රීඩකයින්ට වැදගත් වූයේ චෙක් එක නොව කප් එක බවය.
“මට මතකයි අර්ජුන අයියා කුසලානයයි චෙක් එකයි අරගෙන යනකොට අර්ජුන අයියා කුසලානය එක්ක වැටුණා.
ඒ වෙලාවේ අපි ඔක්කොම පෙරළුණා. මට මතකයි ඒ වෙලාවේ අර්ජුන අයියා කෑ ගහනවා ගුරා චෙක් එක ඉස්සුවා කියලා. ගුරුසිංහ කිව්වා චෙක් එක ඉස්සුවාට කමක් නෑ කප් එක බදාගන්න කියලා.
අදටත් මම දන්නේ නෑ චෙක් එකේ කීයක් තිබුණා ද කියලා. කප් එක තමයි අපිට අවශ්‍ය වුණේ. කප් එක තමයි අදටත් අපේ පළවෙනි දේ. අපිට චෙක් එකට වැඩිය කප් එක තමයි වැදගත්.”