සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමගි කිරීමේ අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා එල්ල කරගත්ත ද මේ වන විට එම ප්‍රකාශවල කිසියම් අඩුවක් දක්නට ලැබෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පාර්ශ්ව දෙක එකතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය මුලික වී කටයුතු කළ ද මේ වන විට සමගි ජනබලවේග පාර්ශ්වයේ බොහෝ දෙනෙක් ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වති.
කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම සිටින සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ විරෝධීන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් බියෙන් පසුවන බව ද වාර්තා වේ.
සාම්ප්‍රදායික එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් හමුවේ සිය සතුට පළ කර ඇති බව ද වාර්තා වේ.