එජාප මුල් පුටු රනිල් හිතවතුන්ට දුන්නා..! රුවන් නියෝජ්‍ය නායකයා කළේ කුමන්ත්‍රණයකින්..! බල තණ්හාවෙන් රනිල් එජාපය වනසනවා…! – නවීන්…

March 26, 2022 at 1:05 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තමන්ට හිතවත් පුද්ගලයින් දෙදෙනෙකු ඔසවා තැබීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණ සිදු කරමින් සිටින බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක චෝදනා කරයි.

දැනට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, උප නායක සහ සභාපති තනතුරු රනිල් වික්‍රමසිංහගේ තනි කැමැත්තට පත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
.
එම තනතුරු සඳහා ඡන්දයක් පැවැත්වූයේ නම් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක් අදාළ පත් කිරීම් සඳහා එකඟ නොවනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

බල තණ්හාව නිසා පක්ෂය බදාගෙන සිටීම හේතුවෙන් සිදුවන්නේ පක්ෂය දිය වී යාම පමණක් බව ද ඔහු සදහන් කළේ රාජපක්ෂ පාලනය තුළ ද මෙම තත්ත්වය ඇති බව ⁣ප්‍රකාශ කරමිනි.

පක්ෂයට නියෝජ්‍ය නායකයෙකු තේරීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් පැවති ඡන්දය පිළිබඳව තමන් ඇතුළු වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකුම දැනුම්වත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු නොකළ බවට ද නවීන් දිසානායක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *