එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරය සඳහා රවී කරුණානායක පත් කිරීමේ සැලසුමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පක්ෂය ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එක ම පුද්ගලයා රවී කරුණානායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත් රවී කරුණානායක එම ධුරයට පත් වුවහොත් ඔහු ජනාධිපතිවරයා සමග සමීප සබඳතාවක් ගොඩනඟා ගනු ඇතැයි විශ්වාස කරන පිරිසක් මෙම පත්කිරීම සඳහා විරුද්ධ බව ද වාර්තා වෙයි.