එජාපය 2010 නොබෙදී තරඟ කරලත් ලැබුණේ ආසන 51යි! මේ වාරේ නම් 5%ක් ඡන්ද ලැබෙන්නේ නෑ! – රෝහිත
පහුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ 3%ට බැස්ස බවත් මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 5%ට වඩා පහත වැටෙන බව කළුතර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන පවසයි.
එය මේ රටේ ජනතාව තීන්දු කර අවසන් බවත් ඔහු අවධාරණය කරයි.
2010 සමයේ අද මෙන් එජාපය බෙදී නොපැවති බවත් එවැනි පසුබිමක පවා එජාපයට මහ මැතිවරණයේ දී ලබාගත හැකි වූයේ ආසන 51ක් පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඊට එරෙහි වූ එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නන්දන ගුණතිලක සඳහන් කළේ එජාපය එසේ කපා දැමිය හැකි ගසක් නොවන බවය. නන්දන ගුණතිලක ජවිපෙ දෙවන ජනාධිපති අපේක්ෂකයාය.
හිරු බලයට එකතු වෙමින් ඊයේ (10) ඔහු මේ බව සඳහන් කළේය.