එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය සම්බන්ධයෙන් එම පක්‍ෂය තුළ මේ වන විට බෙදීම් කිහිපයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
වත්මන් පක්‍ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාරට ම එම ධුරය ලබා දිය යුතු බවට පිරිසක් දැඩිව ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් සඳහන් කරන්නේ එය හිටපු අමාත්‍ය රවී කරුණානායකට ලබාදිය යුතු බවයි.
ජනවාරි මස අග වන විට පක්ෂයේ ප්‍රතිසංවිධාන කීපයක්ම සිදුවනු ඇති අතර එහිදී නිලතල ගණනාවක්ම වෙනස්වීමට ද නියමිත බව වාර්තා වෙයි.