සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස, එජාපයේ අර්ජුන රණතුංග සහ සමන් රත්නප්‍රිය අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
මෙම හමුව සිදුව ඇත්තේ, සමගි ජනබලවේගයේ පලනි දිගම්බරන්ගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් කොළඹ මහාරාජා පැලස් නම් ස්ථානයෙහි පැවැති දිවා භෝජන සංග්‍රහයේ දී ය.
අහඹු හමුවක් ලෙස පෙනෙන ලෙස මෙම හමුව සංවිධානය කළ ද එහි දී පිරිස දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර සජිත් පැමිණ තිබුණේ එම පක්ෂයේ විශේෂ මන්ත්‍රී වැඩමුළුවක් අතරය.