එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිමියන් ජාතික ගීය ගැයෙනා විට නැගී නොසිටීම ම ‘එක රටක් එක නීතියක්” සංකල්පය එක්ක කොතරම් ගැලපෙනව ද කියල හිතන්න ඕන.
හැබැයි මේක මේ හිමියන් විතරක් කරන එකක් නෙමෙයි, භික්ෂූන් වහන්සේ ජාතික ගීයට නැගී නොසිටින එක ලංකාවේ සාමාන්‍ය සිදුවීමක්. ඇත්තටම භික්ෂූන් වහන්සේ ජාතික ගීයට නැගී නොසිටින්නේ කුමන හේතුවක් නිසා ද? ජාතිය තමන්ට වඩා පහත් බව සිතන නිසා ද? එහි අනෙත් අරුත නම් තමන් ජාතියට වඩා උසස් බව සිතන නිසා ද?
මෙය අතිශය අසාමාන්‍ය පුරුද්දක් බව එය දකින ඕනෑම කෙනෙකුට හැඟෙනු ඇත. මගේ මතය නම් බුදුන් වහන්සේ වැඩ සිටියේ නම් ඒ ශ්‍රේෂ්ඨ මිනිසා අනිවාර්යයෙන් ම ඒ උතුමන් වහන්සේ වසන රටෙහි ජාතික ගීයට නැගී සිටිනු ඇති බවයි.
තවත් කාරණයක්. ජාතික ගීයට නැගී සිටිනා විට තම දෑත කුමන ඉරියව්වක තබා ගත යුතු ද යන්න ද තාමත් අප රටේ සියළු දෙනාට ප්‍රශ්නාර්ථයකි. මේ පින්තූරයේ සිටින එක් මහත්මයෙකුට හැර අන් සියළු දෙනාට ඒ ගැන අවබෝධයක් නැති බව පෙනේ.
මහින්ද පතිරණ