සමගි ජන බලවේගය මීට සතියකට පමණ පෙර මහනුවර දී ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කළ බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
එම අවස්ථාවට ජි.ඇල්. පීරිස්, නාලක ගොඩහේවා, දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරා එකතු වූ බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
එහෙත් පෙරේදා හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් කොළඹ දී තවත් ප්‍රතිපත්ති ප්රකාශනයක් එළිදැක්වූ බව ද හෙතෙම සඳහන් කරයි.
සමගි ජන බලවේගය මේ වන විට එක් ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කළ නොහැකි ආකාරයට කැඩී ගොස් ජනාධිපතිවරණයෙන් 4-5 වෙනියා වීම සඳහා සටනක් ඇති බව ද ඇමැති කාංචන විජේසේකර ප්‍රකාශ කරයි.
අද (06) නෙළුව නගරයේ පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව කීය.