මේ වන විට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙනි.
ඒ අනුව හෙට එනම් 27, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවත් එම විෂය සඳහා ඉදිරියේ දී නව දින ලබා දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම්දෙයි.
අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පැවසීය.