උඹලා ඔක්කොම හිවල්ලු..! මම එකෙකුටවත් බය නෑ..! – සජිත් පාර්ලිමේන්තුවේ සිංහනාද කරයි…

November 21, 2023 at 12:43 pm | by emanisa.lk

තමා එකෙකුටවත් බය නැතැයි ද ඕනෑම අයෙකුට තනියම වුවත් මුහුණ දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසක් බාධා කිරීමත් සමගම උණුසුම් තත්ත්වයක් ඇති විය.

“මයික් එක ඕෆ් කරන්න එපා. ස්ක්‍රීං එක ඕ්ෆ් කරන්න එපා. මේ කිසි කෙනෙකුට මං බය නෑ. ඕන එකෙකුට තනියම වුණත් මූණ දෙන්න මම ලෑස්තියි. පුළුවන් නම් එනවා. මුං හිවල්ලු ටිකක් ඉන්නේ.”

විපක්ෂ පක්ෂ නායකවරයා අද (21) සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *