උපරිම බලය බෙදීම අපේ ප්‍රතිපත්තිවලට පටහැනි නෑ…! – මහින්ද…

February 8, 2023 at 7:30 pm | by emanisa.lk

උපරිම බලය බෙදීම පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එතරම් පටහැනි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අපේ රට ඒකීය රාජ්‍යයක් බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

දේශපාලන පක්ෂ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කිරීම හොඳ බවත් ඇතැම් පක්ෂ රට දෙකඩ කිරීම සඳහා ක්‍රියාත්මක වන බවත් මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කරයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *