උදේට නැඟිටල අපි වැඩට යන්නේ සුද්දට පොලිය ගෙවන්න…! – නලීන් හේවගේ…

January 30, 2022 at 4:37 pm | by emanisa.lk

බටහිර බලවේග සමග එකතු වී මේ රට පාලනය කළ කණ්ඩායම් රට විනාශ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ පවසයි.

එදා පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කළ විනාශය මෙදා චීන ඉන්දියා ඇමරිකා බලවේග සිදුකරමින් ඇති බවට ද ඔහු චෝදනා කරයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ගොඩනැඟීමට චීනය ආධාර කළේ ඒවා තමන් යටතට ගැනීමේ අනාගත සැලසුම අනුව බවත් දැන් ගාල්ලේ වරාය නගරයක් හදන්නේ ද එම අරමුණින් බවත් නලීන් හේවගේ සඳහන් කරයි.

මේ වන විට ලංකාව ණය සඳහා පොලිය ලෙස වසරකට කෝටි 26 000ක් ද දිනකට ලක්ෂ 5ක ගෙවිය යුතු බවත් ජනතාව උදේට වැඩට යන්නේ සුද්දාට පොලී ගෙවීම සඳහා බවත් ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *