උද්දච්ච ආණ්ඩුව අපේ නැකැත් සිට්ටුව විනාඩියක් වෙනස් කරලා රටට දුන්නා…! – ආචාර්ය චන්න ජයසුමන…

March 19, 2026 at 11:48 am | by emanisa.lk

රටේ සියලුම ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් කැඳවා සිංහල අවුරුදු නැකැත් රටට ලබාදීමට තමන් කටයුතු කළේ ආණ්ඩුව නිසි කලට වෙලාවට අවුරුදු නැකැත් ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ නිසා බව සර්වජන බලය උප සභාපති, හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

අනතුරුව ඇමති සුනිල් සෙනෙවි අදාළ ජ්‍යොතීර්වේදීන් පිරිස හමු වී මිනිත්තුවක් දෙකක් එහා මෙහා කර අලුත් නැකැත් සීට්ටුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් නැකැත් පිළිබඳ අවබෝධයක් ඇති කිසිවෙකු එවැනි ඉල්ලීමක් නොකරන බවත් ඔහු අවධාරණය කරයි.

අවසානයේ තමන් රටට ඉදිරිපත් කළ අවුරුදු නැකැත් මිනිත්තු කිහිපයක් එහාමෙහා කර රජය රටට ඉදිරිපත් කර ඇති බවත් ඒ් අනුව 10.41 නැකත 10.51 කර ඇති බවත් 12.05 නැකත 12.06 බවට පත්කර ඇති බවත් ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ උද්දච්චකම නිසා ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් රටට දුන් නැකැත් ටික පිළිනොගෙන තමන් අලුත් දෙයක් කරන බව දැනවීමට මෙලෙස කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *