උද්ඝෝෂණ රැලි හදන්නේ සංචාරක කර්මාන්තයත් වට්ටල ආර්ථිකය විනාශ කරන්න…!

September 26, 2022 at 7:32 am | by emanisa.lk

රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති කිරීම හේතුවෙන් රටට එන සංචාරකයින් අඩු විය හැකි බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අනතුරු අඟවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම වසර අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මුදලක් ලබා නොදෙන බවය.

“සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රධාන දේ තමයි රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම. නැවත උද්ඝෝෂණ ගෙනල්ලා ලෝකයට පෙන්නුවොතින් රටේ සාමය නැහැ, රටේ උද්ඝෝෂණ රැල්ලක් යනවා කියලා නැවත සංචාරකයෝ එන්නේ නැහැ.

මේ සංචාකරයන් එන කාලය තමයි එළඹෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක කරන අය වගේම මහ ජනතාව තේරුම් ගන්නට ඕනේ, මේ අවුරුද්දේ මේ මාස තුන හතරේ සංචාරකයෝ ගෙනල්ලා රටට විදේශ විනිමය ගෙන ආවේ නැතිනම් අපිට ලොකු තර්ජනයක් වෙනවා. අපිට ඉදිරියට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න. මොකද IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *