දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා එස්.ශ්‍රීධරන්ගේ පඹයින් සාදා ඒවාට සෙරෙප්පුවලින් පහර දී ගිනිතබමින් යාපනයේ තරුණයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ.
අදාල මන්ත්‍රීවරුන් විසින් යුද සමයේදී උතුරේ තරුණ තරුණියන් පිළිබඳ වැරදි ප්‍රකාශ සමාජ මාධ්‍යයට පැවසීම හෙළා දකිමින් එම ප්රකාශයන්ට විරෝධය පා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මෙම විරෝධතාව පවත්වා තිබේ.
වඩමාරච්චි යනු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ගේ උපන් ගම වීම ද විශේෂත්වයකි. මෙම විරෝධතාව සිදුකළ තරුණයින් හඳුනාගැනීමට නොහැකි අයුරින් මුහුණ ආවරණය කරමින් ඊට සහභාගී වීම ද විශේෂත්වයකි.