උතුරු මැද හිටපු මහ ඇමතිට වසර 16ක සිරදඬුවමක්…!

April 2, 2025 at 10:18 am | by emanisa.lk

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.

වසර ගණනාවක් තිස්සේ අධිකරණය හමුවේ විභාග කළ මෙම නඩුවේ විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *