ඊළඟ ලෝක යුද්ධය අත ළඟ… ඉරානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්…!

October 26, 2024 at 10:49 am | by emanisa.lk

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අලුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්න ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

ඉරාන ප්‍රහාරවලට එරෙහිව තමන්ට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් සහ යුතුකමක් ඇති බවත්, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායලය වැඩිදුරටත් පවසයි.

බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි.

මේ අතර මීට සුළු මොහොතකට පෙර ඊශ්‍රායලය නිවේදනය කළේ ප්‍රහාරය සඳහා එක් වූ ප්‍රහාරක යානා නිරුපද්දිතව නැවත පැමිණි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *