ඊළඟ මැතිවරණයට තවත් දේශපාලන පක්ෂයක්….! ආණ්ඩු – විපක්ෂ ප්‍රබලයෝ කොළඹ පන්සලක රහස් හමුවක….!

June 6, 2021 at 4:36 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන තවත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ කටයුතු මේ දිනවල සිදුවන බව වාර්තා වෙයි.

මෙම ඉදිරිපෙළ සාකච්ඡා සඳහා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති ධූරයක් බලාපොරොත්තුවෙන් සිට එය අහිමි වීම නිසා රාජ්‍ය ඇමැති ධූරය ද ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයෙකු සහ සමගි ජන බලවේගය තුළ ප්‍රබල තනතුරක් අපේක්ෂා කළ ද මෙතෙක් සැලකිය යුතු කිසිදු තනතුරක් නොලැබීම නිසා කෝපයට පත් හිටපු ඇමැතිවරයකු සහභාගී වී තිබේ.

මේ සඳහා ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද එකතු වී සිටින බව දැන ගන්නට තිබේ. වර්තමාන ආණ්ඩුවට සහයෝග ලබා දීමෙන් තමන් අපේක්ෂා බොහෝ වරප්‍රසාද අහිමි වීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි දැන ගන්නට තිබේ.

නව පක්ෂය ගොඩනැඟීම පිළිබඳ රහස් සාකච්ඡා වට ගණනාවක් කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක පවත්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *