ඊළඟ ඡන්දෙන් සජිත් ජනාධිපති වීම ස්ථිරයි…! සියලු සුදුසුකම් සපුරා ඇති නියත අගමැති මමයි…! – තිස්ස..

June 18, 2022 at 1:08 pm | by emanisa.lk

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම රටේ ජනාධිපති වරයා බවට පත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසයි.

අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය තමන්ට හිමි වීමට නියමිත බව ද පවසන මන්ත්‍රීවරයා, අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට සමගි ජන බලවේගය තුළ වැඩි ම සුදුසුකම් සපුරා ඇති එකම පුද්ගලයා තමා බවත් කියා සිටී.

කිසි විටකත් මෛත්‍රීපාල සිරිසේන සමග සමගි ජන බලවේගය සන්ධාන ගත නොවන බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *