ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසූයේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවයි.
එහිදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක, ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරක් දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසූයේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ යනුවෙනි.