ඉස්සර වගේ නෙමෙයි… රට හදන්න විදුලි බිල වැඩි කරන්නේ… ජනතාව කැපවීමක් කරන්න…! – කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්…

June 8, 2025 at 10:56 am | by emanisa.lk

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.

“යම් වැඩි කිරීමක් කරන්න සිදුවෙයි. අර වැඩි කිරීමට එරෙහි වුණා තමයි. මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එකක්. රටේ ජනතාව ජනතාවටත් යම් කැප කිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා” යයිද ඔහු එහිදී පැවසුවේය.

කඩුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ගෙවීමට පෙර සිදුකළ යුතු විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කටයුතු පිළිබඳ සොයා බැලීමට එම අරමුදලේ ඉහළ නියෝජිත පිරිසක් ඉදිරි දින කිහිපය තුළ ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *