රාජ්‍ය සේවක වැටුප් ලබන අයවැයෙන් සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩිවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.
මහරගම ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.
මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු ඉල්ලීම් 35ක් ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා වෙත භාර දෙනු ලැබිණි.
2021 වසරේ ගුරුවරු කළ අරගලයෙන් ගුරු ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා ගැනීමට හැකිවූ බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තුනෙන් දෙකක බලයක් සහිත රජය ගෙදර යැවීමටත්, ජනතාවාදී වර්ථමාන පාලනය බිහි කර ගැනීමටත් හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ආණ්ඩුවට චෝදනා කළත් තම පාලනය මාධ්‍ය සමඟ ඉතා සුහදව ගනුදෙනු කළ සහ කරන පිරිසක් බව ද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.
මාධ්‍ය මඟින් ආණ්ඩුවේ කිසිදු යහපත් වැඩක් නොපෙන්වන අතර වැරදි සහ අඩුපාඩු පමණක් පෙන්වන බවට ද නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.
වර්තමාන පාලනය බස්, ත‍්‍රීවිල් ප‍්‍රශ්නය හෝ සහල් ප්‍රශ්නය වැනි කුඩා සිදුවීම්වලින් නොමනින ලෙස ද ඉල්ලා සිටී ඇමතිවරයා, ආණ්ඩුව ගැනීමට පෙර නිතර සජීවීව සමාජ ජාල ඔස්සේ පැමිණියත් දැන් තමන් ආණ්ඩුව නිසා එසේ පැමිණිය නොහැකි බව ද කියා සිටියි.