මේ රටේ ජනතාව අද තෙල්, අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි නොමැතිව ජීවත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ, නොහැකියාවෙන් පිරුණු අදූරදර්ශී රාජ්‍ය පාලනයට තව දුරටත් ඉඩදිය නොහැකි බවත් ජනතාව ඉවසුවා හොඳට ම ඇති බවත් ය.
රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රට වෙන්දේසිලන්තයක් බවට පත්කර ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස, ජාති, ආගම්, කුළමළ පන්තිභේද පසෙකලා රටේ පොදු ජනතාව සමග වෙනසක් කිරීමට සූදානම් බව අවධාරණය කරයි.
රට රැකගැනීම, රට ගොඩනැගීම උදෙසා 03 වෙනි ඉරිදා හවස 03ට තමන්ට පාරට බසින බවත් ජනතාවට තමා සමග එකතු වන ලෙසත් හෙතෙම සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිණි.