ඉරාන නැවට ලංකා මුහුදේදී පහර දීම බරපතළයි… පහර දුන්නේ ඇමරිකාව එක්ක ළඟදි ගහපු ගිවිසුම අනුවද…!

March 5, 2026 at 2:53 pm | by emanisa.lk

ඉරාන නෞකාවට ඇමරිකාව පහර දී ඇත්තේ ලංකාවට අයත් විශේෂ ආර්ථික කලාප මුහුදු සීමාවේ බවට ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

එම ප්‍රහාරය එල්ල කළේ අපේ මුහුදු සීමාවේ නම් අදාළ ඇමරිකානු සබ්මැරීනය ලංකාවට පැමිණීමට අවසර ගත්තේද නැද්ද යන්න ආණ්ඩුව අනාවරණය කළ යුතු බවද ඒ කුමන ආකාරයකට කළද එය ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු පෙන්වා දෙයි.

එසේ අපේ මුහුදු සීමාවේදී පහර දී ඇත්නම් ඒ කවර ගිවිසුම යටතේද වත්මන් ආණ්ඩුව ඇමරිකාව සමග අත්සන් කළ තවමත් කිසිවෙකු නොදුටු STP ගිවිසුම යටතේද යන්න ආණ්ඩුව රටට කිව යුතු බවද පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *