විමල්ගේ ‘නවය: සැඟවුණු කතාව’ ජාත්‍යන්තරයට…! පොත පිළිබඳ දේශනයකටත් ආරාධනා…!

May 7, 2023 at 4:43 pm | by emanisa.lk

ගෝල්ෆේස් අරගලය පිළිබඳ තමා රචනා කළ කෘතිය මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඇමරිකානු තානාපතිවරිය එය ප්‍රබන්ධයක් බව කීව ද පොත පිළිබඳ දේශනයක් සඳහා ඉරානයෙන් තමාට ඇරයුම් ලැබී ඇති බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ. එය සූම් තාක්ෂණය ඔස්සේ සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

2015 බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ පෝර්ට්සිටිය ටික කලකට වසා දමා නැවත ආරම්භ කිරීම, හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම ආදී හේතු නිසා ඇමරිකාව ඔහු පිළිබඳ ප්‍රසාදයක් නොමැති බව ද සඳහන් කරයි.

අරගලය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද නෙරපීමට ඇමරිකාව උත්සාහ කළේ ඒ නිසා බව ද විමල් වීරවංශ සඳහන් කළේ සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස