කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන බලධාරීන් අතර අද (18) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට රටේ උද්ගතව ඇති ඉන්ධන හිඟය නිසා රාජ්‍ය සේවකයින් රාජකාරී ස්ථාන සඳහා කැඳවීම ද සීමා කර තිබේ.