ඉන්ධන වෙළඳපොළ තෙල් රටවලට විවෘත වෙයි..! තෙල් ගේන්න භාණ්ඩාගාරෙන් ඩොලර් ඕන නෑ…!

June 28, 2022 at 1:16 pm | by emanisa.lk

ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම් වෙත මෙරට ඉන්ධන ආනයන සහ සිල්ලර විකිණුම් වෙළඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විධිමත් ක්‍රමවේද යටතේ තෝරාගනු ලබන සමාගම් සමග දිගුකාලීන ගිවිසුම්ගත වීම සඳහා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

මෙරට සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉතිරි 10% ලංකා ඉන්දීය තෙල් සමාගම ද සපයයි.

ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් සඳහා තෙල් ආනයනය කර අලෙවි කිරීම සඳහා අවස්ථාව හිමි වෙයි. ඒ සඳහා මහා භාණ්ඩාගාරය ඩොලර් ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති නිසා විදේශ විනිමය හිඟයේ බලපෑමෙන් තොරව තෙල් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *