ඉන්ධන මිල වැඩි කළ පොහොට්ටුව රටට ම නින්දාවක්…! රටට සමෘද්ධිය ගෙන ආ හැක්කේ අපටයි…! – සජිත්..

June 12, 2021 at 7:26 am | by emanisa.lk

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ නැංවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය විරෝධය පා තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මෙසේ ය.

“92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින්ද, සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද ඉහළ දමා තිබේ.

පොහොට්ටු ආණ්ඩුව පිළිබඳ ඇත්තේ ලැජ්ජාවකි. මෙය මුළු මහත් රටටම නින්දාවකි. ඔබට ජනතාවාදී ලෙස රට පාලනය කළ නොහැකි බව පිළිගන්න.

මේ රටට සමෘද්ධිය සහ සංවර්ධනය රැගෙන ආ හැක්කේ සමගි ජන බලවේගයට ය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *