ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 දෙනා යම්කිසි වරදකාරි හැඟීමකින් කටයුතු කරන බව නිරීක්ෂණය වන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
“මේ 159 දෙනාට ගිල්ටි. තමන්ට අවශ්‍ය දේ පාර්ලිමේන්තුවේ කියා ගන්න බෑ. තමන්ගේ හිතේ යම් කහටක් තියෙනවා, අපි මේ පොරොන්දු වෙච්චි දේ නෙමෙයි කරන්නේ කියලා. අපි පන්ති පහේ ඉගෙන ගත් දේ නෙමෙයි, මේ කරන්නේ. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පන්තිය කරලා මෙතනට ඇවිත් ඔය විදිහට හැසිරෙද්දි ඒ ගැන ප්‍රකාශයක් කරන්න යද්දි චකිතයක් ඇති වෙනවා.
මේ හැම දෙනාම බලා ගෙන කියනවා. මේ අය දක්ෂ කථිකයෝ, බලං කියවන්න ඕන අය නෙමෙයි. පක්ෂෙ තුළ යම් වාරණයක් තියෙන්න පුළුවන්. මං දන්නේ නෑ ඒ ගැන හරියටම. හැබැයි මේ අය පාර්ලිමේන්තු ඇවිත් පහුගිය අවුරුදු එකහමාර තුළ කළේ එතෙක් කරනවා යැයි කී දේවල් නොවන බව මෙයාලගේ හෘද සාක්ෂිය දන්නවා.”
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.