ඉන්දියානු ව්‍යාප්තවාදය අයිති අතීතයට…ඉන්දියාව දැන් වෙනස් වෙලා…අපිත් වෙනස් වුණා..! – ටිල්වින් සිල්වා…

February 28, 2026 at 11:39 am | by emanisa.lk

ඉන්දියානු ව්‍යාප්තවාදය දශක හතරක් පැරණි දේශපාලන මතවදායක් බවත් එය අතීතයට මිස වර්තමානයට අදාළ නොවන බවත් ජනතා විමුක්ත පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අපි අතීතයේ ජීවත් වෙන්නේ නෑ. ඒ දැනට දශක හතරක් විතර පැරණි ඉතිහාසයක්. අපට අපේ අත්දැකීම් තියෙනවා. ඉන්දියාවට ඔවුන්ගේ අත්දැකීම් තියෙනවා. අපි දැන් ජීවත් වෙන්නේ වෙනත් සමාජ පසුබිමක.

පසුගිය දශක තුනේදී ලෝකය විශාල පරිවර්තනයකට ලක් වුණා. බල කඳවුරු වෙනස් වෙලා. ඉන්දියාව වෙනස් වෙලා, ශ්‍රී ලංකාව වෙනස් වෙලා. නව ලෝකයට අනුගත වෙන්න බැරිනම් දේශපාලන කඳවුරු යල්පැන යනවා. අපි ඒ වෙනස්කම් සමග ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක්.

ඉන්දියාව අපේ එකම අසල්වැසියා. එය ආර්ථික බලාගාරයක්. අපට ඓතිහාසික, සංස්කෘතික සබඳතා තියෙනවා.. එබැවින්, ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීම අපට සැම විටම වැදගත්.

එය මිත්‍රශීලී, අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවනීය සම්බන්ධතාවක් විය යුතුයි. එය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ගෞරවනීය එකක් බවට හැඩගැස්වීමට අපට හැකි වී තිබෙනවා. එක් රටක් අනෙකාගේ අවශ්‍යතාවලට එරෙහිව භාවිත නොකළ යුතුයි.”

ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ dailymirror සමග සාකච්ඡාවකට එකතු වෙමින් එදා ජවිපෙ මතුකළ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ විමසූ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *