ඉන්දියානු බිත්තර නැවක් සඳුදා ලංකාවට…! බිත්තරයක් රුපියල් 40යි…!

February 25, 2023 at 2:22 pm | by emanisa.lk

වෙළෙඳපොළේ පවතින බිත්තර මිල ඉහළ යාම හේතු කොටගෙන ඉන්දියාවෙන් බිත්තර ආනයනයට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

බිත්තර ලක්ෂ 20ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ලබන 27 වැනි සඳුදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නමක්කාල් ප්‍රදේශයේ පිහිටි ඓශ්වර්යා ෆාම් සමාගමෙන් බිත්තර මිලියන 20ක් ඇනවුම් කර තිබේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව නිර්දේශ කරන ලද මෙම සමාගමෙන් බිත්තර මිල දී ගැනීම සිදු කරන්නේ රාජ්‍යය වාණිජ නීතිගත සංස්ථාව හරහා බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආනයනික බිත්තර රුපියල් 40ක මිලකට අලෙවි කරන අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට පමණක් මෙම බිත්තර බෙදා හරිනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *