ඉන්දියානු බිත්තර කේක් වර්ජනය කරනු….! කැන්ටින් අසේල ජනතාවට දැනුම් දෙයි…

March 28, 2023 at 1:57 pm | by emanisa.lk

ඉන්දියානු බිත්තර යොදා සකසන කේක් ඇතුළු ආහාර අවුරුදු කාලයේ වර්ජනය කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියානු බිත්තර දැන් වරායට ළඟා වී දින 07කට වැඩි බවයි.

බිත්තර යනු කාලයත් සමග නරක් වන දෙයක් හෙයින් මෙලෙස වරායේ රඳවා ගෙන නිකුත් කරන බිත්තරවල ප්‍රමිතිය පිළිගත හැකි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

හාල් සහ චොක්ලට්වල ප්‍රමිතිය සෙවූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වරායට ගොස් බිත්තරවල ප්‍රමිතිය පරික්ෂා කළ යුතු බව ද අසේල සම්පත් අවධාරණය කළේය.

රටේ ආනයන අපනයන නීති උල්ලංඝනය කොට බිත්තර රඳවා ගැනීම මගින් වරාය මෙන් ම රේගුව ද බරපතළ වරදක් කර ඇති බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *