ඉතිහාසයේ ප්‍රථම වතාවට අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්….!

October 22, 2021 at 3:51 pm | by emanisa.lk

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසයි.

කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට ද මෙහි දී අනුමැතිය හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *