ඈත මුහුදේ බෝට්ටුවේ ගැටුමක්.. ධීවරයෙක් මරුට… පිරිසකට තුවාලයි…!

June 20, 2024 at 4:37 pm | by emanisa.lk

බේරුවල ධීවර වරායේ මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

මෙම ගැටුමට මැදී වී ඇත්තේ සහන් පුතා නම් යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මාගල්කන්ද , රොක්කලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. කේ. චන්දන උපුල් නමැති පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බේරුවල ධීවර වරායෙන් මුහුදු සැතපුම් 180 ක් පමණ ඈත සිට බේරුවල ධීවර වරායට පැමිණෙමින් සිටින බව වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *