පරාක්‍රම සමුද්‍ර බැම්ම මත ඇවිදින මංතීරුව තනන්නේ බඩගෝස්තරවාදී කිහිප දෙනෙකුගේ බඩ බස්සා ගැනීමට බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.
වැව් තාවුල්ලේ නිදන් ඇති බවට මතයක් ඇති බවත් ඒ අනුව මෙම වැව් බැම්මෙන් නිදන් මතු වේ යැයි සිතුවේ දැයි සැකයක් මතු වන බව ද දයාරතන හිමි සඳහන් කරයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගයට සමාන්තරව ඇවිදින මංතීරුවක් ඉදිකිරීම පිළිබඳ අදහස් දක්වමින් එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.