ඇමැති හරීන් වැඩ පෙන්වයි..! ක්‍රිකට් තහනම අවසන්..!

January 11, 2024 at 3:37 pm | by emanisa.lk

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී එවැනි ඉඟියක් කළ බවත් අයි.සී.සී. මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බවත් පැවසූවේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජුනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *