ඇමැති සංශෝධනේ ඉරුවා රදේට කොට්ටේ මාරු කළා වගේ..! – ජී.ඇල්. පීරිස්…

October 24, 2023 at 9:55 am | by emanisa.lk

ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීම හිසරදයට කොට්ට මාරු කිරීමට සමාන යැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

නොවැම්බර් 13 වැනිදා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහිදී ජනතාවට දැනෙන සහන ලබාදිය යුතු බවත් නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා කීය.

අගමැතිවරයා ගිය සතියේ සියලු පක්ෂ නියෝජිතයන් කැඳවා මැතිවරණ සංශෝධන ඉදිරිපත් කළේ මැතිවරණ කල් දැමීමේ කූඨ උපාය මාර්ගයකට බවත් එසේ වුවත් රජයට අකැමැත්තෙන් හෝ ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බවත් හෙතෙම කීය.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ජනාධිපතිවරයා කුණු කූඩයට දැමූ බවත්, ජනාධිපතිවරයාගේ අත්තනෝමතික පත් කිරීම් නිසා ව්‍යවස්ථා සභාවේ බලය හෑල්ලු වී ඇති බවත් මහාචාර්ය ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *