ඇමැති ලොහාන් වෙඩි තියන්න හැදුවත් පත්තු වුණේ නෑ…! – කොටි සිරකරුවෝ කියති…

September 19, 2021 at 8:25 am | by emanisa.lk

පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි පැමිණ තමන්ට තර්ජනය කළ බව ඇත්තක් යැයි කොටි සිරකරුවන් ප්‍රකාශ කළ බව මනෝ ගනේෂන් පවසයි.

එම අවස්ථාවේ තමන්ගේ හිසට පිස්තෝල තබා වෙඩි තැබුව ද ඒවා ක්‍රියාත්මක නොවූ බවත් ඔවුහු පවසා තිබේ.

බන්ධනාගාර නිලධාරීන් නොවන්නට ඇමැතිවරයා තමන් මරා දමා පිස්තෝල උදුරා ගෙන වෙඩි තබා ගෙන මරාගෙන මැරුණු බවට කතාවක් හැදීමට තිබුණේ යැයි ද පිරිස සමගි ජන බලවේග මන්ත්‍රී මනෝ ගනේෂන් සමග පවසා තිබේ.

සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා සමගි ජන බලවේග මන්ත්‍රී පිරිසක් ඊයේ (18) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *